Wednesday, July 27, 2011

මොනාද මේ Surge Arresters / Lighting Arresters කියන්නේ ?

ගොඩක් කට්ටියට දල අදහසක් ඇති මොකද්ද surge arresters කියන්නේ කියල . තව පොඩ්ඩක් හොයල බලන්න ඕන කියල හිතුන.ඔන්න තියනවා හොයාගත්ත  දේ .  
 ඉස්සෙල්ලම  බලමු මොකද්ද මේකේ අවශ්‍යතාවය කියල .  අපේ නිවෙස් වලට ඇදල තියන විදුලි රැහැන් දිගේ එන ධාරාවේ වෝල්ටීයතාවය විවිද හේතුන් නිසා වෙනස් වෙන්න පුළුවන්.මේ වෙනස් වීම ලොකු අගයකින් වෙනස් වෙනවනං වැඩේ serious . කොහොමද මෙහෙම එක සැරේට වැඩි ධාරාවක් එන්නේ ?
power suply එකක් overvoltage වෙන්න පුළුවන් ප්‍රදාන විදි දෙකකට .
1. Internal causes (අභ්‍යන්තරිකව) -Switching surges,Insiulation faliers
2. external causes (භාහිරිකව) -  lightnings 
ඔය මොන විදියෙන් ධාරාව වැඩිවීම සිදු උනත් නිසි ආරක්ෂණ පධ්දතියක් නැත්තන් පාරේ තියන transformers  වලට විතරක් නෙවෙය් ගෙවල් වල තියන විදුලි උපකරණ වලටත් , නිවසියන්ටත් හානි සිද්ද වෙන්න ඇහැකි . 
ඔන්න ඔය ප්‍රශ්නෙන් ගොඩ එන්න භාවිත කරන එක උපකරණයක් තමා මේ surge arresters  කියන්නේ .
surge arresters  වර්ග දෙකක් තියනවා.
*Porcelayn Type Surge Arresters  (මේකේ insiulation මාධ්‍ය   විදියට යොදා ගෙන තියෙන්නේ porcelain )  
* GIS (gas insiulated ) Type Surge Arresters  (මේකේ insiulation මාධ්‍ය   විදියට යොදා ගෙන තියෙන්නේ SF6  වායුව  )  



දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියල . surge arrester  එකක් සවි කරන්නේ අපිට protect  කර ගන්න ඕන උපකරණයට සමාන්තරව (ගොඩක් වෙලාවට මේක ට්‍රාන්ස්ෆොර්මේ එකක් වෙන්න පුළුවන් ,නැත්තන් main line එකට වෙන්නත් පුළුවන් )

දැන් බලමු surge arrester(lighting arrester )  එහෙක සැකසුම කොයි වගේද කියල.
Inside of the surge arrester 

Internal Apearance of MOV Disk (5000X)
   

රූපේ බැලුවම තෙරුන් ගන්න ඇහැකි surge arrester  එකක්  ඇතුලේ එක උඩ එක උඩ තිව්ව තැටි ටිකක් තියනවා. මේවට කියන්නේ MOV disk (metal oxide varistor ) කියල .මේ disk හදල තියෙන්නේ ZnO වගේ ලෝහ ඔක්සිඩ් කැටිති   වලින් ( කැටිති   කිව්වට මේවා ඉතාමත් සියුම් , 35 mm විෂ්කම්බයක් තියන 35 mm උස disk එකක මේ වගේ ස්පටික බිලියන 28 ක් විතර තියනවා ) .  
මේවයි තියන විශේෂත්වය තමයි සාමාන්‍ය (සුළු ) වෝල්ටීයතාවය යටතේ පරිවාරක (insiulators ) විදියට හැසිරීමටත් , විශාල වෝල්ටීය තාවයන් (අකුණු වැදීම් වැනි තත්ත්ව යටතේ ) හමුවේ පරිවාරක (conductive ) තත්වයට ඉතා සුළු කාලයකදී (in micro scale ) පත්වීමේ හැකියාවයි . හරියට switch එකක් වගේ. ඇත්තටම මේ disk එකක් කියන්නේ switch බිලියන ගානක එකතුවක් .
මේ පින්තුරේ තියනවා වගේ switch එකක් විදියට ක්‍රියාකරන්නේ මේ metal oxide grians දෙකක් අතර තියන ඉතා සියුම් හිඩැස්. අඩු විභව අන්තරයක් යටතේ electrons වලට මේ පොඩි හිඩැස පනින්න අමාරුයි. නමුත් විශාල වොල්ටීය තාවයක් යටතේelectrons වලට පහසුවෙන් මේ හිඩැස් හරහා යන්න පුළුවන් . එකයි normal condition එකේදී පරිවාරකයක් විදියටත් ලොකු surge එකක් එද්දී conductor විදියටත් හැසිරීමේ හැකියාව තියෙන්නේ . එම නිසා යම් විදියකින් ලොකු ධාරාවක් අවොත් එම ධාරාව උපකරණ තුලින් නොයවා භූගත කිරීමේ හැකියාව Surge Arresters සතුයි . 

ආලෝකය ගමන් කරන්නේ සරල රෙකියවද (does light travel in a straight line ) ?

       අපි   කව්රුත්ම වගේ හිතන් ඉන්නේ ආලෝකය කිඅන්නේ සරල රෙකීයව ගමන් කරන දෙයක් කියල . නමුත් එක එහෙම්මම නෙමෙය්.ප්‍රයෝගික ජීවිතයේ අපි ඇත දකින ආලෝකය එහෙම උනත් හැම විටම එහෙම වෙන්නේ නැ.මේක ලෝකෙට කියා දුන්නේ Albert Einstein  . 
අපි මේක මෙහෙම තේරුම් ගන්න බලමු . 
විශ්වය ත්‍රිමාණ අවකාශයක් විදියට සලකන්න ඇහකිනෙ .නමුත් මේකට කාලයත් එක් කරලා හිතනකොට සිව්මාන අවකාශයක් විදියට තමා හිතන්න වෙන්නේ. වැඩේ කියන්නේ මේ සිව් මාන අවකාශ-කාලය විශාල වස්තුන් ලඟදි වක්‍ර වීමක් සිද්ද වෙනවා .කොටින්ම කියනවනං මේක විශ්වය පුරා පැතිරිලා තියන රබර් පටලයක් වගේ .සුර්යා ,පෘතුවිය වගේ විශාල ග්‍රහලෝක ආසන්නයේදී මේවා වක්‍ර වෙලා තියනවා. 
planets bend space-time around them


ගුරුත්වය කියල කියන්නේ මේ වක්‍ර වීම දිගේ වස්තු වැටෙන එකට.සාපේක්ෂතා වාදයේ එන එක නියමයක් තමා 
  " ආලෝකය ගුරුත්වාකර්ෂණය හමුවේ නැමි ගමන් කරනු ලබයි ".
හරියට ගහකින් ගෙඩියක් පොලවට වැටෙනවා වගේ ,ඊතලයක් පොලවට වැටෙනවා වගේ ආලෝක කිරණත් පොළොවට ඇදගන්නවා.දැන් ඔන්න කට්ටියම   කල්පනා කරන්න අරගෙන .ඊතලයකට ඉස්කන්දයක් තියනවනම් තමා , එත් ආලෝකයට ඉස්කන්දයක් තියෙනවද ????
උත්තරේ "ඔව්".
ආලෝකය තැනිල තියෙන්නේ කොන්ටෙම්(Quantem) වලින්.ඒ කිඅන්නේ ශක්ති ගුලි වලින්.
ශක්තිය ඉස්කන්දයටත් ,ඉස්කන්දය ශක්තියටත් මාරුවෙන්න පුළුවන් කියල සාපේක්ෂතා වාදයෙනුත් කියල තියනවා වගේම ඒවා ඔප්පු කරලත් හමාරයි (වැඩිය ඕන නැහැ,හිරෝෂිම වලට දාපු න්‍යෂ්ටික බෝම්බෙත් හැදුවේ මේ තියරි එකටම තමා ). 
ඒ නිසා ආලෝකයට ඉස්කන්දයක් තියනවා කියල  පිළිගන්න පුළුවන්නේ . දැන් මේක කියෙව්වම අපේ අ  තරාදි එහෙම අරන් ආලෝකේ බර මනින්න ලැහැස්තිවෙය් .හැබය් වැඩේ කියන්නේ නිශ්චල ආලෝකයේ ඉස්කන්දය 0 යි .එහෙනං බර මනින්න වෙන්නේ ආලෝක කිරණයක් ගමන් කරන කොටමය් . එහෙනං බර මනින වැඩේ අමතක කරලා ඉතුරු ටිකත් කියවල ඉමුකො.
හැබය් දැන්කාට හරි හිතෙන්න පුළුවන් ආලෝකය පොලවට වැටෙද්දී ඇතිවෙන බලය නිසා පෘතුවිය සුර්යගෙන් ඉවතට තල්ලු වෙන්න පුළුවන් නේද කියල.සැකය සාදාරනයි තමා නමුත් සුර්ය ගුරුත්වාකර්ෂණය වැඩි නිසා එහෙම වෙන්නේ නැහැ .හ්ම්ම්ම් අපි දැන් මෙච්චර වෙලා කතාකරපු දේවල් point form එකෙන් බලමු .
 
 * ගුරුත්වාකර්ෂණය ලෙස අපි දකින්නේ අවකාශ -            කාලයේ වක්රතා දිගේ වස්තුන්ගේ චලිතයි
 * විශාල ඉස්කන්ද ආසන්නයේදී මේ අවකාශ කාලය වක්‍ර වේ. 
 * එසේම ආලෝකයද අවකාශ කාල වක්රතා දිගේ ගමන් කරනවා .

අවකාශ -කාලය ග්‍රහලෝක වැනි විශාල ඉස්කන්ද ආසන්නයේදී වක්‍ර වන නිසා ආලෝකයේ ගමන් පතයද වක්‍ර විය යුතුය .නමුත් මෙම නිරීක්ෂණය පෘතුවිය මතදී සිදු කිරීම අපහසුය .මක් නිසාදයත් ඉතා සුළු කාලයක් තුල ආලෝක කිරණයක් පෘතුවිය වට කිහිප වාරයක් ගමන් කරනවා.
වැඩේ ටිකක් සීරියස් .නමුත් සුර්යා පෘතුවියට වැඩ විශාල නිසා සුර්ය පදනම් කරගෙන මේ වැඩේ කරන්න ඇහැකි.
ඔන්න දැන් කට්ටියට හිතන්න චාන්ස් එකක් තියනවා.ඇත්තටම මේක ඔප්පු කරේ 1919 මැයි 29 වැනිදා පුර්ණ සුර්ය ග්‍රහනයේදීය .ඒ අවස්ථාවේදී සුර්යට හරිඅටම පිටුපසින් ඇති තාරකාව අපිට පෙනෙන්නු ඇති බව Albert Einstein මහත්තය පුරෝකථනය කරලා තිබ්බ .ඇත්තටම මේක වෙන්න පුළුවන් වැඩක්ද ?
ඔව් ඇත්තෙන්ම එදා එක ඒ විදියටම සිද්ද උනා .මේ සුර්ය ග්‍රහණයේ චායරුප පරික්ෂ කරන කොට Albert Einstein කතාව ඇත්ත නේද කියල කාටත් තේරුම්ගියා .
අන්න එදා Albert Einstein අම්මට ලියුමක් ලියල යවනවා මෙන්න මෙහෙම කියල ,
"ආදරණීය අම්මේ , අද මගේ ජීවිතේ වැදගත්ම දවසයි. ආලෝක කිරණ නැවෙන බව අද ඔප්පු විය .. "
(Albert Einstein ලියුම ලිව්වේ සිංහලෙන්ද කියල දැන් අහන්න එපා මගෙන් )




  ඔන්න ඕකයි සිද්දිය.
අනේ මෙතනින් කතාව ඉවරයි කියල හිතුවට ඉවරම නැ.මෙන්න Albert Einstein කියනවා විශාල ඉස්කන්ද ආසන්නයේදී අවකාශ-කාලය වක්‍ර වෙනවා විතරක් නෙවෙයි කාලය මන්දනය වෙනවා කියල.ඒ ගැන අපි වෙන දවසක.