Wednesday, July 27, 2011

මොනාද මේ Surge Arresters / Lighting Arresters කියන්නේ ?

ගොඩක් කට්ටියට දල අදහසක් ඇති මොකද්ද surge arresters කියන්නේ කියල . තව පොඩ්ඩක් හොයල බලන්න ඕන කියල හිතුන.ඔන්න තියනවා හොයාගත්ත  දේ .  
 ඉස්සෙල්ලම  බලමු මොකද්ද මේකේ අවශ්‍යතාවය කියල .  අපේ නිවෙස් වලට ඇදල තියන විදුලි රැහැන් දිගේ එන ධාරාවේ වෝල්ටීයතාවය විවිද හේතුන් නිසා වෙනස් වෙන්න පුළුවන්.මේ වෙනස් වීම ලොකු අගයකින් වෙනස් වෙනවනං වැඩේ serious . කොහොමද මෙහෙම එක සැරේට වැඩි ධාරාවක් එන්නේ ?
power suply එකක් overvoltage වෙන්න පුළුවන් ප්‍රදාන විදි දෙකකට .
1. Internal causes (අභ්‍යන්තරිකව) -Switching surges,Insiulation faliers
2. external causes (භාහිරිකව) -  lightnings 
ඔය මොන විදියෙන් ධාරාව වැඩිවීම සිදු උනත් නිසි ආරක්ෂණ පධ්දතියක් නැත්තන් පාරේ තියන transformers  වලට විතරක් නෙවෙය් ගෙවල් වල තියන විදුලි උපකරණ වලටත් , නිවසියන්ටත් හානි සිද්ද වෙන්න ඇහැකි . 
ඔන්න ඔය ප්‍රශ්නෙන් ගොඩ එන්න භාවිත කරන එක උපකරණයක් තමා මේ surge arresters  කියන්නේ .
surge arresters  වර්ග දෙකක් තියනවා.
*Porcelayn Type Surge Arresters  (මේකේ insiulation මාධ්‍ය   විදියට යොදා ගෙන තියෙන්නේ porcelain )  
* GIS (gas insiulated ) Type Surge Arresters  (මේකේ insiulation මාධ්‍ය   විදියට යොදා ගෙන තියෙන්නේ SF6  වායුව  )  



දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියල . surge arrester  එකක් සවි කරන්නේ අපිට protect  කර ගන්න ඕන උපකරණයට සමාන්තරව (ගොඩක් වෙලාවට මේක ට්‍රාන්ස්ෆොර්මේ එකක් වෙන්න පුළුවන් ,නැත්තන් main line එකට වෙන්නත් පුළුවන් )

දැන් බලමු surge arrester(lighting arrester )  එහෙක සැකසුම කොයි වගේද කියල.
Inside of the surge arrester 

Internal Apearance of MOV Disk (5000X)
   

රූපේ බැලුවම තෙරුන් ගන්න ඇහැකි surge arrester  එකක්  ඇතුලේ එක උඩ එක උඩ තිව්ව තැටි ටිකක් තියනවා. මේවට කියන්නේ MOV disk (metal oxide varistor ) කියල .මේ disk හදල තියෙන්නේ ZnO වගේ ලෝහ ඔක්සිඩ් කැටිති   වලින් ( කැටිති   කිව්වට මේවා ඉතාමත් සියුම් , 35 mm විෂ්කම්බයක් තියන 35 mm උස disk එකක මේ වගේ ස්පටික බිලියන 28 ක් විතර තියනවා ) .  
මේවයි තියන විශේෂත්වය තමයි සාමාන්‍ය (සුළු ) වෝල්ටීයතාවය යටතේ පරිවාරක (insiulators ) විදියට හැසිරීමටත් , විශාල වෝල්ටීය තාවයන් (අකුණු වැදීම් වැනි තත්ත්ව යටතේ ) හමුවේ පරිවාරක (conductive ) තත්වයට ඉතා සුළු කාලයකදී (in micro scale ) පත්වීමේ හැකියාවයි . හරියට switch එකක් වගේ. ඇත්තටම මේ disk එකක් කියන්නේ switch බිලියන ගානක එකතුවක් .
මේ පින්තුරේ තියනවා වගේ switch එකක් විදියට ක්‍රියාකරන්නේ මේ metal oxide grians දෙකක් අතර තියන ඉතා සියුම් හිඩැස්. අඩු විභව අන්තරයක් යටතේ electrons වලට මේ පොඩි හිඩැස පනින්න අමාරුයි. නමුත් විශාල වොල්ටීය තාවයක් යටතේelectrons වලට පහසුවෙන් මේ හිඩැස් හරහා යන්න පුළුවන් . එකයි normal condition එකේදී පරිවාරකයක් විදියටත් ලොකු surge එකක් එද්දී conductor විදියටත් හැසිරීමේ හැකියාව තියෙන්නේ . එම නිසා යම් විදියකින් ලොකු ධාරාවක් අවොත් එම ධාරාව උපකරණ තුලින් නොයවා භූගත කිරීමේ හැකියාව Surge Arresters සතුයි . 

1 comment: